Short Stay Unit of the Accident and Emergency Service

Short Stay Unit of the Accident and Emergency Service

රත්නපුර ශික්ෂණ රෝහලේ හදිසි අනතුරු ඒකකයේ කෙටි කාලීන රැඳවුම් වාට්ටුව (Short Stay Unit of the Accident and Emergency Service) 2022 අප්‍රේල් මස 29 දින මහා සංඝරත්නයේ ආශීර්වාද මැද විවෘත කෙරුණි.

පෙර කෝවිඩ් රෝගීන් සඳහා වූ වෙන්කර සාත්‍තු කිරීමේ ඒකකයක් ලෙස පවත්වාගෙන ගිය මෙම වාට්ටුව කෝවිඩ් රෝගීන් අඩුවීමත් සමඟ මෙම කාර්යය සඳහා යොදාගැනුනි. ඇතුලත් කර ප්‍රතිකාර කිරීම අත්‍යාවශ්‍ය නොවන, නමුත් නිරීක්ෂණය කල යුතු රෝගීන් මෙම ඒකකයේ රඳවා තබා කඩිනමින් නිවෙස් වෙත යොමු කිරීම සිදුවනු ඇත. එමඟින් රෝගීන්ට පහසුවක් ලබා දීම මෙහි අරමුණයි.

 

 

 

Close Menu